26 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

රංජන් රාමනායකගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක්

Must read

තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

රාමනායක මහතාට රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව යැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

මෙයට අමතරව රන්ජන් රාමනායක මහතාගේ පාවිච්චිය සඳහා වෙනම විදුලි පංකාවක්,මෙට්ටයක් හා වැසිකිළි කැසිකිළි පහසුකම්ද ලබා දී ඇති බව කී රත්වත්තේ මහතා ඔහු මන්ත්‍රී ධූරය දැරූ කාලයේදී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා ලබාදුන් බවද සඳහන් කළේය .

තමාගේ බඩු භාණ්ඩ තබාගැනීමට එම නිවස යම් කාලයකට ලබාදෙන්නැයි රංජන් රාමනායක මහතා සිය ලේකම්වරයා මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කළ බවත් තමා ඒ අනුව කතානායක වරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේය .

More articles

Latest article