26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

ආර්ථිකයට පෙර ජන ජිවිත ආරක්ෂා කරගනිමු – රනිල් වික්‍රමසිංහ

Must read

කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මෙි මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සහ ලාංකික වෛද්‍ය විශේෂඥයන් පුරෝකතනය කර තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට වසා තබන්නැයි වෛද්‍යවරුන් කියනවා නම් ආණ්ඩුව එය කළ යුතුව ඇතැයි ද සඳහන් කරයි.

රටේ ආර්ථිකය හදන්නට නම් මේ මොහොතේ දී කළ යුතු පළමු කාර්යය රෝග ව්‍යාප්තිය නතර කිරීම බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

කොළඹ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා මේ විශේෂ ප්‍රකාශය සිදු කළේය.

More articles

Latest article