27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

මට විපක්ෂය වෙනුවෙන් කතා කරන්න බැහැ, පුළුවන් මා ගැන පමණයි – රනිල් වික්‍රමසිංහ

Must read

තමන්ට විපක්ෂය වෙනුවෙන් කතා කළ නොහැකි බවත් කළ හැක්කේ තමන් වෙනුවෙන් කතා කිරීම පමණක් බවත් හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය.

තමන් පසුගිය දිනවල රට ගොස් සිටි හෙයින් පාර්ලිමේන්තුවේ කුමක් සිදුවෙන්නේ දැයි බැලීම සඳහා පැමිණි බව හිටපු අගමැතිවරයා කියා සිටියේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ අවධානය යොමු කිරීමත් සමඟ නැගී සිටි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේය. එහෙත් මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් වූ ප්‍රශ්නය සොයා බැලීමට අවශ්‍ය කමිටුව පත් කළ හොත් විපක්ෂයේ ඉතිරි පිරිස් සභා ගර්භයට පිවිසෙනු ඇති හෙයින් අයවැය විවාදයේ ඉතිරි දින දෙපාර්ශ්වයේ සහභාගිත්වයෙන් පවත්වාගෙන යා හැකි බව වික්‍රමසිංහ මහතා කීවේය.

More articles

Latest article