33 C
Colombo
බ්‍රහස්පතින්දා, මාර්තු 28, 2024

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා විද්‍යා ගෞරව උපාධි පාඨමාලාවක්

Must read

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය මගින් ක්‍රීඩා විද්‍යා ගෞරව උපාධි පාඨමාලාවක් ආරම්භ කර ඇත. එම පාඨමාලාව හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ද ක්‍රීඩාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමින් සපිරි උගතුන් පිරිසක් බිහි කිරීම මේ පාඨමාලාවේ අරමුණ වී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපිරූ විද්‍යාර්ථීන් අතුරින්, විශ්වවිද්‍යාල කොමිසන් සභාව විසින්තෝරා ගන්නා ලද විද්‍යාථින් 50 දෙනකු මේ පාඨමාලාව සඳහා බඳවා ගෙන ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ.කේ.කේ. ධර්මතිලක, විද්‍යා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත් කාලිංගමුදලි, හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය සරත්අමුණුගම, අනෙකුත් පීඨවල පීඨාධිපතිවරු, ක්‍රීඩා උපදේශක මණ්ඩලය, ක්‍රීඩාවිද්‍යා ගෞරව උපාධි වැඩසටහනේ කාර්යසාධක බළකාය ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

More articles

Latest article