27 C
Colombo
අඟහරුවාදා, අගෝස්තු 9, 2022

හදිසි නීතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි – ජී.එල් පීරීස්

Must read

රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එම පක්ෂයේ ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් මහතා පවසයි.

අද (28) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේබව සඳහන් කළේය.

“මම තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ආරම්භක සභාපති. අද රටේ පවතින තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහමුලින්ම හාත්පසින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට පටහැනියි. මානව හිමිකම් සාක්ෂාත් කරන්න අපට සපයාදෙන සියලුම නීති අහෝසි කිරීමට, නිශ්ප්‍රභා කිරීමට, බිංදුවට පත්කිරීමට නීතිමට සක්‍යතාවයක්, බලයක් තියෙනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන රෙගුලාසිවලට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට හා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ අද දවසේ ශ්‍රී ලංකා තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම. ඒ නිසා තමයි මම ඒකට විරුද්ධව ඊයේ පාර්ලිමේන්තුවේ දී මගේ ඡන්දය ප්‍රකාශ කළේ.”

More articles

Latest article