28 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

අරලියගහ මැඳුරේ ගිනි නිවන ගෑස් සිලින්ඩර සොරකම් කළ සිසුවා රිමාන්ඩ්

Must read

පසුගිය ජූලි මස 09 වනදා අරලියගහ මන්දිරයට අයුතු ඇතුළු වීමක් සිදු කර ගිනි නිවන ගෑස් සිලින්ඩර දෙකක් සොරකම් කළ සිසුවාට අදාළව සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළේය.

සැකකරු උසස් අධ්‍යාපනය ලබන සිසුවකු බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි රත්නායක මහතා සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරයා අරගලයට ගියා නම් සොරකම් කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

‘‘සිසුවෙක් නම් ඇයි හොරකම් කරන්නේ? සොරකම් කරලා සිසුවෙක් කියමින් ඇප ඉල්ලනවා’’ යැයි මහේස්ත්‍රාත් වරයා නියෝගය ප්‍රකාශ කරමින් කීවේය.

‘‘ස්වාමීනි මගේ සේවා දායකයා සිසුවෙක්. වෘත්තීය පුහුණු අධිකාරියේ ඉගෙනුම ලබනවා. මොහු ගෙනගොස් තිබෙන්නේ හිස් ගෑස් සිලින්ඩර දෙකක්. එහි වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන්නේ නැහැ. සහකාර පොලිස් අධිකාරී වරයාගේ සහතිකය දින තුනක් තිස්සේ ඉදිරිපත් කර නැහැ. මේ චෝදනාව පොදු දේපල පනත යටතේ ගැනෙන්නේ නැහැ ස්වාමීනි, ඔහු සිසූවෙක්. ඇප ලබා දෙන්න’’ යැයි ඇප සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරමින් නීතිඥ කිංස්ලි රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේය.

‘‘ස්වාමීනි, අරලියගහ මන්දිරයේ කටයුතු තවමත් යථා තත්ත්වයට පත්ව නැහැ.තක්සේරු වාර්තා ඉල්ලීම් කළත් එහි සේවය කරන සහකාර පොලිස් අධිකාරී වරයා කාර්යාල කටයුතු යථා තත්ත්වයට පත්ව නැති බව දැනුම් දුන්නා’’ යැයි කී කොල්ලුපිටිය පොලිසිය සැකකරුට ඇප ලබා දීම සම්බන­්ධයෙන් විරෝධය අධිකරණයට දන්වා සිටියේය.

ඇප ලබා දිම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරි දින ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලිසියට නියෝග කළේය.

More articles

Latest article