30 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

ජුලි මාසයේ ICCයේ සුපිරි ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

Must read

ICCය විසින් නම්කරන ජූලි මාසයේ සුපිරි ක්‍රීඩකයාගේ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබේ.

ඔහුට අමතරව මෙම සම්මානය සඳහා එංගලන්ත ක්‍රීඩක Jonny Bairstow සහ ප්‍රංශ ක්‍රීඩක Gustav McKeon නම්කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ගැටුමේදී සිය මංගල ටෙස්ට් තරගයට ගාලු පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේදී ලකුණු 118 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.

එසේම පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදී පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

පාකිස්තානයට එරෙහි දෙවන තරගයේදීද යලි සුපුරුදු දස්කම් අතරට පිවිසි ප්‍රභාත් පළමු ඉනිමේදී කඩුලු 3 ක් සහ දෙවැනි ඉනීමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්විය.

More articles

Latest article