29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සර්ව පාක්ෂික අටමගලයට අපි සහභාගිවෙන්නේ නෑ – සුනිල් හඳුන්නෙත්ති

Must read

ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව හෙට (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර එම පක්ෂය දැනටමත් ප්‍රකාශ කර තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරිම සඳහා සහය ලබානොදෙන බවය.

මේ පිළිබඳ අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ, දේශපාලන මණ්ඩල සභික, සුනිල් හඳුන්නෙත්ති මහතා,

“ජනාධිපතිවරයා අනෙකුත් පක්ෂ හමුවෙන පදනමින්ම අපට ආරාධනා කරලා තියෙනවා හෙට ඒ සාකච්ඡාවට එන්න කියලා. අපි ඒ සාකච්ඡාවට සහභාගි වෙනවා. විශේෂයෙන්ම දැන් ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ජනාධිපතිවරයා ආණ්ඩුවක් හදලා ඉවරලවෙලා දැන් සර්වපාක්ෂික කතා කරලා වැඩක් නැහැ. එයාගේ අන්තර්කාලින කතා ඉවර වෙලා තියෙන්නේ. දැන් මේ ඉතා කෙටිකාලයක් තුළ මැතිවරණයක් තියන්නට ඒ මැතිවරණයට අවශ්‍ය පහසුකම් සලසන්නත් හදන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් එවැනි ආණ්ඩුවක් නෙමෙයි දැන් හැදෙන්නේ. දැන් හැදෙන ආණ්ඩුව අපිට ඉතාමත්ම පැහැදිලිව පේනවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලය තහවුරු කර ගන්න. අනෙක් පැත්තෙන් ඔක්කෝම ටික එකතු කරගෙන රනිල් වික්‍රමසිංහට ණය ගන්න පුළුවන් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්කර ගන්න පුළුවන් වටපිටාවක් තියෙනවා කියලා ලේබලය අලවාගන්න. එහෙම නැතුව මේ රටේ ජනතාවට ජනවරමක් සඳහා ඉඩ හදන, තාවකාලික ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ස්ථාවරයක් අපි කියලා තියෙනවා. අපි ඔය සර්වපාක්ෂික අටමගලයට සහභාගී වෙන්නේ නැහැ. ඕකට යන්නේ නැහැ. යන්නේ නැති බව කියන්න වුණත් හැබැයි රටේ ජනාධිපතිවරයා ඉදිරියට යන්න පුළුවන්.”

ප්‍රශ්නය – මහානායක හාමුදුරුවෝ කියලා තියෙනවානේ සියලුම පක්ෂවලට එකතුවෙලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට සහාය දෙන්න කියලා ?

“සියලුම පක්ෂ එකතුවෙලා සහාය දෙන්න සාර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැනේ. කෝ සර්වපාක්ෂික ආණ්ඩුව ? එහෙමනම් ආණ්ඩුව හදන්න කලින් එහෙම සාකච්ඡාවක් තියෙන්න එපැයි. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායම එකක් ආණ්ඩුව හදලා ඉවරවෙලා, අනෙක් පක්ෂවලට එන්න කියනවා කියන්නේ ඒක සර්ව පාක්ෂික වෙන්නේ නැහැ.

More articles

Latest article