31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සමාජ මාධ්‍ය නියාමන පනත කඩිනම් කිරීමේ සුදානමක්

Must read

ජාතික ආරක්ෂාවට ඉඳුරාම බලපාන සමාජ මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙසත්

තවත් පනත් හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කර ඇත.

මෙම පනත් සංශෝධනය කළයුතු බවට අධිකරණ අමාත්‍යංශයට දිගින් දිගටම දැනුම් දුන්නද කඩිනමින් මෙම පනත් බලාත්මක නොවීම හේතුවෙන් අරගලකරුවන් රාජ්‍ය දේපළ විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ඇතැයි ආරක්ෂක ප්‍රධානීහු, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේ සඳහන් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු මෙයට එක්වී සිටියහ.

ජාතික ආරක්ෂාවට බලපාන සමාජ මාධ්‍ය නියාමන පනත, කඩිනමින් ගෙන ඒමටත් ඉඩම් පනත, ආගමන විගමන පනත, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ පනත, අන්‍යාගම්වලට හැරවීම සඳහා වූ පනත් වහාම සංශෝධනය කිරීමටත් දිගින් දිගටම කළ ඉල්ලීම් මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කර ඇත.

ආසියානු කලාපයේ දුර්වලම නීති පවතින්නේ මෙරට තුළ බැවින් වහාම මෙම නීති සංශෝධනය සඳහා ඉදිරිපත් කළ සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යංශය වෙත පැවැරීමට මෙහිදී තීරණය කර තිබේ.

More articles

Latest article