33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ලබන සඳුදා සිට දින පහේම පාසල් පැවැත්වෙයි

Must read

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා සිට සතියේ දින 05ම සාමාන්‍ය වේලාවන් තුළදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ පෙරවරු 7.30 සිට දහවල් 1.30 දක්වා පාසල් පැවැත්වෙන බවය.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා ප්‍රවාහන අපහසුතා පවතින්නේ නම් ඒ සඳහා ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සියලුම පළාත් බලධාරීන්ට උපදෙස් නිකුත් කර තිබේ.

ඉදිරි තෙමසක කාලය තුළ පාසල් කාලය විෂයන් ඉගැන්වීම් සඳහාම යොදාගත යුතු අතර විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදුකිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් උපදෙස් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

More articles

Latest article