25.4 C
Colombo
බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 6, 2022

ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට කැපවනවා – දකුණු අප්‍රිකානු ජනපති

Must read

ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසා මහතා (Matamela Cyril Ramaphosa) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් හෘදයාංගම සුබපැතුම් පිරිනමා ඇති දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම සිය අභිලාෂය බව දන්වා තිබේ.

ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවලට අතීතයේ සිට දකුණු අප්‍රිකාව සුවිශේෂත්වයක් ලබා දී ඇති අතර ඉදිරියට ද දෙරට අතර සහයෝගීතාව, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන බව එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

More articles

Latest article