28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

සියල්ලට පෙර අලුත් ව්‍යවස්ථාව හදන්න – එම්.කේ.ශිවාජිලිංගම්

Must read

රටේ දෙමළ ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජන කොටස්ද ප්‍රතික්ෂේප කර සිටින ජනාධිපතිවරයාගේ එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකාය වහාම විසුරුවා හරින ලෙස තමන් හා තම පක්ෂය වන දෙමළ ජනතා සන්ධානය ජනාධිපතිවරයාට බල කර සිටින බව එම පක්ෂයේ ලේකම් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.

යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටි ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා දෙමළ ජනතාවට අයිතිවාසිකම් සුරක්ෂිත කර දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පෙර මෙවැනි බහුබූත කාර්ය සාධක බළකායක් පිහිටුවීම විශාල විහිළුවක් බව කියා සිටියේය.

“ජනාධිපතිවරයාගෙන් මුලු ලෝකයම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් සකස් කරන ලෙසයි. ජිනීවා මානව හිමිකම් මණ්ඩලය පවා රජයට යෝජනා කර ඇත්තේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න විසඳීම අවසන් කරණ ලෙසයි. තත්ත්වය එසේ තිබියදී ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් කියන කාර්ය සාධක බළකාය පිහිටුවා තිබෙනවා. මේක ලොකු විහිළුවක්. ඒ කාර්ය සාධක බළකායේ සභාපති හැටියට චෝදනා රැසක් ඇති ඥානසාර හිමියන්ව තෝරා ගෙන තිබීම ඊට වඩා පුදුමයක්.

මේ කාර්ය සාධක බළකායට දකුණේ සිංහල බහුතරයක්ම කැමති නෑ. දෙමළ ජනතාව කොහෙත්ම කැමති නෑ. මුස්ලිම් ජනතාවත් එහෙමයි. රටේ පාලකයා යමක් කළ යුත්තේ රටක සිටින සියලු ජන කොටස්වල කැමැත්තට අනුවයි. නමුත් මේක එහෙම වූ දෙයක් නෙමෙයි. ඒක නිසා වහාම මේක ඉල්ලා අස් කර ගන්න කියා දෙමළ ජනතා සන්ධානය ජනාධිපතිවරයාට බල කරනවා.

මේ රටට දැන් අවශ්‍ය වී තියෙන්නේ ඒ වගේ කාර්ය සාධක බළකායවල් නෙමෙයි. රට ගොඩනඟන්න පුළුවන් වෙන කාර්ය සාධකබළකායකුයි. රට ගොඩ නගද්දී ජාති භේද ඉවතලා සියලු ජාතීන්ගේ සහාය ලබා ගැනීමට පාලකයෝ දක්ෂ විය යුතු වෙනවා.”

More articles

Latest article