34 C
Colombo
බදාදා, මැයි 8, 2024

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ගෞරව නාමයක්

Must read

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” ගෞරව නාමය ප්‍රදානය සිදුකෙරුණි.

ඒ් අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදීය.

යුද්ධය නිමාකිරීමට දායක වූ සෙබළෙකු ලෙසත්, යුද හමුදාපතිවරයකු ලෙසත් රටට සිදුකළ අනුපමේය සේවය අගය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” ගෞරව නාමය ප්‍රදාන කරනු ලැබුවේ සියම් නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය විසිනි.

ඒ එම මහා විහාරීය විංශද්වර්ගික කාරක සංඝ සභාව ගත් තීරණයකට අනුවය.

එම උත්සවය අද පස්වරුවේ එම මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වුණි.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් විසින් ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පිළිගන්වනු ලැබීය.

එම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභාව ද මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාප්‍රධානීන්, පොලිස්පති සහ තානාපතිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගීව සිටියේය.

More articles

Latest article