අද (29) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දිස්ත්‍රික් නායකයින් කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.
ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම අදාළ කැඳවීම් සිදුකර ඇති බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ, පක්ෂයේ සියලු දිස්ත්‍රික් මට්ටමේ නායකයින්ට නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 5.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.