30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ කොටස් විකිණීමට තීරණයක්

Must read

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“දැනට ලාබ ලබනවා ශ්‍රීලන්කන් සමාගම. ඉතින් අපි ශ්‍රීලන්කන් කේටරින් සමාගමෙන් 49%ක් සහ එහි පරිපාලනය 51%ක් අපිට තියාගෙන එහි පරිපාලනය හෝ එහෙම නැත්නම් ආයෝජකයෙක් තවත් වැඩිපුර ප්‍රමාණයක් ඉල්ලනවා නම්, ඒ ආයෝජකයන්ගේ ඒ අවස්ථාවේ ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ යම් මුදල් ප්‍රමාණයක් ලබාගන්න. ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තහම අපිට ඒ සමාගමේ කොටස් උකස් කරලා අරන් තියෙන ඩොලර් මිලියන 80ත් තව මුදල් ප්‍රමාණයකුත් තව ණයකුත් අපිට ඒකෙන් ගෙවන්න පුළුවන්. එතකොට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය බර එක් ප්‍රමාණයකට අඩුවෙයි. ඊළඟට දැනට අපේ ගර්වුන්ඩ් හැන්ඩ්ලින්වලදී අපි වෙනම සමාගමක් හදනවා. ඒ සමාගමට අදාළ කාර්ය භාර්යය සහ චංචල හා නිශ්චල දේපළ දීලා, එතැනින් අපිට අවුරුද්දකට මිලියන 5,000ක පමණ ආදායමක් ලැබෙනවා. ඒ නිසා එය අපිට ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අපි හිතනවා සෑහෙන මුදලක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. 49%ක කොටස් දුන්නට කවුරුත් එන්නේ නෑ. ඒ නිසා පරිපාලනය දෙන්න ඕනේ. ඒ සඳහා ලන්සු කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන වැඩවලට මුදල් යොදවන්න නෙමෙයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් පුළුවන් ප්‍රමාණයකට මුදවන්න.”

More articles

Latest article