31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සෞදි ඔටුන්න හිමි කුමරුට ශ්‍රී ලංකා ජනපතිගෙන් පණිවිඩයක්

Must read

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත පණිවිඩයක් ලැබුණු බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි.

එම පණිවුඩය මගින් සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව මිත්‍ර රටවල් සහ ජාතීන් දෙක සම්බන්ධ කරන ද්විපාර්ශ්වික සබඳතා සහ ඒවා සෑම ක්ෂේත්‍රයකම දියුණු කිරීමට අදහස් කරන බව සදහන් කර ඇත.

විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු වෙනුවෙන් නියෝජ්‍ය විදේශ අමාත්‍ය Waleed bin Abdulkarim Al-Khuraiji විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම පණිවිඩය යොමු කර තිබේ.

ඔවුන්ගේ හමුවේදී සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ ක්ෂේත්‍රවල අවස්ථාවන් නංවාලීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා වී ඇත.

More articles

Latest article