33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

සමගි ජන බලවේගය මගේ කූඩුවේ බිත්තර දැම්මා – ඩයනා ගමගේ

Must read

සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාවක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී ඩයනා ගමගේ මහත්මිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සඳහන් කළාය.

සමගි ජන බලවේගය කර තිබෙන්නේ “මගේ කූඩුවට” පැමිණ බිත්තර දැමීම යැයි ද ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබ තුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයිද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ ප්‍රකාශ කළේ “රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ” බවයි.

More articles

Latest article