30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

සුඛෝපභෝගී ජීප් රියක් ඉන්ධන හලක් වනසයි

Must read

සුඛෝපභෝගී ජීප් රථයක් පාලනයෙන් ගිලිහී මාදිවෙල ඉන්ධන හලට කඩා වැදීම හේතුවෙන් පොම්පකරු තුවාල ලබා තවත් අලාභ සිදුව ඇත.

ඉන්ධන හලේ තිබුණු ත්‍රිරෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධන හලේ පොම්පයකට සහ ඉන්ධන හලට සිද්ධියෙන් බරපතළ අලාභ සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි. තුවාල ලද පොම්පකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රියැදුරා පිටකෝට්ටේ දෙස සිට පැමිණ තලවතුගොඩ මාර්ගයෙන් මාදිවෙල ඉන්ධන පිරවුම් හල වෙත පැමිණීමේදී ඔහුට වාහනයේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගී ඉන්ධන හල වෙත එකවරම කඩාවැදී ඇත.

සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

More articles

Latest article