32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ශ්‍රී ලංකා‍වේ තෙල් පිරිපහදුවක් හදන්න සවුදියට ආරාධනා

Must read

ශ්‍රී ලංකා‍වේ බොරතෙල් පිරිපහදුවක් පිහිටුවීමට සවුදි අරාබියාවට ආරධනා කළ බව ඇරබි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස පසුගිය ඉරිදා සෞදි අරාබියට පැමිණි පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා සවුදි විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති වලීඩ් අල් කුරාජි සහ සංවර්ධනය සඳහා වූ සවුදි පදනමේ ප්‍රධාන විධායක නිලධාරි සුල්තාන් අල් මර්ෂාද් යන මහත්වරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී මේ ආරාධනාව කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ පතල් කර්මාන්තය සඳහා සවුදි ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන බවද ඇමැතිවරයා ඇරබි නිවුස් වෙබ් අඩවිය සමඟ පැවති දුරකතන සංවාදයකදී පවසා තිබේ.

තමන්ගේම තෙල් පිරිපහදුවක් පිහිටුවීමට අවසර දීමටත් සහ දකුණු ආසියානු කලාපයම ආවරණය කළ හැකි වන පරිදි ඉන්ධන ගබඩා පහසුකම් සැපයීමට තම රාජ්‍යයට හැකි බවටත් සවුදි බලධාරීන්ට දැනුම් දුන් බව අහමඩ් මහතා ඇරබි නිවුස් සමඟ පැවැත් වූ දුරකථන සංවාදයේදී වැඩිදුරටත් පවසා ඇත.

ශක්තිමත් බලශක්ති සහයෝගිතාව, ද්විපාර්ශ්වික වෙළෙඳාම වත්මන් ඩොලර් මිලියන 300 සිට ඩොලර් බිලියන ගණනක් දක්වා ඉහළ නංවනු ඇති බවටත්, දිගුකාලීන කොන්දේසි සහිතව ශ්‍රී ලංකාවට තෙල් මිලදී ගැනීමට හැකි වනු ඇති බවටත් සවුදි අරාබියාව ශ්‍රී ලංකාවේ නව ව්‍යපෘති අරඹමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන යනු ඇති බවට තමන් සුබවාදීව සිතන බවත් පරිසර ඇමැතිවරයා තවදුරටත් ඇරබි නිවුස් වෙබ් අඩවියට පවසා ඇත.

More articles

Latest article