30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධය මැද මෛත්‍රිපාල සිරිසේනගේ බලතල වැඩිවේ

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ ලංකා කාරක සභාව ඒකමතිකව සම්මත කළා. ඒ, අද පැවැති පක්ෂයේ 71 වන සංවත්සරයේදීයි.

නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්මත කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද විමසීමක් සිදුකළ අතර ඔහු එහිදී සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ අත් ඔසවා ඊට අනුමැතිය ලබාදෙන ලෙසයි. එහෙත් දැනට අමාත්‍යධූර දරණ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු කිහිපදෙනෙකු එහිදී කැමැත්ත පළ කරන අයුරු දැකගත හැකිවූයේ නැහැ.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ අදාළ යෝජනාවලියට අකමැති පිරිස් අත් ඔසවන ලෙසයි. එහෙත් කිසිවෙකුත් එම අවස්ථාවේදී අත් ඔසවා අකමැත්ත පළ කළේ නැහැ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊයේ පස්වරුවේ පැවසුවේ නව ව්‍යවස්ථා සංශෝධනය හරහා පක්ෂ සභාපතිවරයාට ඒකාධිපති බලතල හිමිවන බවයි.

More articles

Latest article