30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අවසන් තරගයට

Must read

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ඊයේ (10) සුදුසුකම් ලබා ගත්තාය.

ඒ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පැවති අවසන් පූර්ව තරගයේ පළමු කාර්තුව නිමවනවිට ලකුණු 17ට 7ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි.

දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 15ක් රැස්කර ගනිද්දී හොංකොං කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 9ක් පමණි.

තුන්වන කාර්තුවේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිඳු අභියෝගයක් එල්ල කිරීමට හොංකොං ක්‍රීඩිකාවන් අසමත් වූ අතර ලකුණු 47ට 25ක් ලෙස තුන්වන කාර්තුවත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි.

තරගයේ නියමිත කාලය නිමවනවිට ලකුණු 67ට 43ක් ලෙස තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරගයේ සිය ස්ථානය තහවුරු කරගත්තාය.

එම ජයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

More articles

Latest article