34 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිතතාවය ගැන FAO සහ WFP වෙතින් අනතුරු ඇඟවීමක්

Must read

ශ්‍රී ලංකාවේ මිලියන 6.3න ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතභාවයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් සදහන් කරයි.

ප්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බව එහි දැක්වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ අහාර භෝග සහ සුරක්‍ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම්(CFSAM) වාර්තාවේ මේ බව සදහන් කෙරේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර, භෝග සහ සුරක්‍ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාව ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දුන්නේය.

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිතතාවය උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.

අදාළ වාර්තාවට අනුව ආසන්න වාර දෙකක භෝග අස්වැන්න ආසර්ථක වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 50කින් පමණ පහත වැටුණු අතර විදේශ විනිමය අර්බුදය හේචතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනවනය අඩුවී ඇති බව පෙන්වා දෙයි. උග්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින පවුල්වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත්‍රණ ද ඇතුළුව හදිසි ආහාර ආධාර සහ ජීවනෝපාය වැඩසටහන් වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වාර්තාව සදහන් කරයි. එසේ නොවුනහොත් 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය තවදුරටත් පිරිහෙනු ඇතැයි අපේක‍්ෂා කෙරේ.

එසේම ජනගහනයෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටියි.

මේ අතර ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙලහි ඒකාබද්ධ මෙහෙයුමෙහි ප්‍රධාන නිර්දේශය වන්නේ ගැබිණි සහ මව්කිරි ලබාදෙන මව්වරුන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප්‍රජාවන්ට ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ක්‍ෂණික ද්‍රව්‍යමය හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයීමයි.

More articles

Latest article