29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

රොජර් ෆෙඩර(ර්) ටෙනිස් පිටියට සමුදෙයි

Must read

ජාත්‍යන්තර ටෙනිස් පිටියේ බිහිවු ලොව විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයෙකු වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩර(ර්) ඊයේ (24) ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමු ගත්තේය.

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් තරගාවලියෙන් පසු තමන් ටෙනිස් පිටියෙන් සමුගන්නා බව පසුගිය 15 වනදා රොජර් ෆෙඩර(ර්) නිවේදනය කර තිබුණි.

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් තරගාවලියේ යුගළ මූලික වටයේ තරගයකදී යුරෝපානු කණ්ඩායම නියෝජනය කරමින් රොජර් ෆෙඩර(ර්) සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරග බිමට පිවිසියේය.

ෆෙඩර(ර්) සහ නඩාල් ජාත්‍යන්තර ටෙනිස් පිටියේ විරුද්ධවාදීන් ලෙස ක්‍රීඩා කළත් මෙම තරගයේදී සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තරග වදිද්දී සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඇන්ඩි මරේ ඔවුන්ගේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් බවට පත් වුණි.

එම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස පිටියට පිවිසි අමෙරිකාවේ ජැක් සොක් සහ ෆ්‍රැන්සිස් ටියාෆෝ හමුවේ, තරගය තරග වට 2ට 1ක් ලෙස පරාජයට පත්වීමට රොජර් ෆෙඩර(ර්) සහ රෆායල් නඩාල්ගේ යුරෝපා කණ්ඩායමට සිදු වුණි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20ක් සිය කුසලාන ගොන්නට එක්කර ගැනීමට සමත් වු ලොව විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයෙකු වන 41 හැවිරිදි රොජර් ෆෙඩර(ර්), රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ඇසට කඳුලක් එක් කරමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම සිය සහෝදර ක්‍රීඩකයින් වන රෆායල් නඩාල්, ඇන්ඩි මරේ, නොවැක් ජොකොවිච් ඇතුළු සුපිරි ටෙනිස් ක්‍රිඩකයන්ගේද ඇසට කඳුළක් එක් කරමින් වසර 24ක ජාත්‍යන්තර ටෙනිස් දිවියට රොජර් ෆෙඩර(ර්) එලෙස සමුදුන්නේය.

More articles

Latest article