30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලිං පවුමත් බාල්දු වෙයි

Must read

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම විශාල වශයෙන් බාල්දු වී තිබේ.

ආසියානු මූල්‍ය වෙළෙඳපොළ වාර්තා සඳහන් කරන්නේ පවුම 4%කින් පමණ බාල්දුවී ඇති බවය.

ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලිං පවුම බාල්දු වූ වැඩිම අගය ලෙස එය දැක්වෙයි.

විශාල වශයෙන් ලබාගත් ණය යොදාගෙන එරට ජනතාවට බදු සහන ලබාදීමට සැලැස්මක් බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යංශ බලධාරීන් එළිදැක්වීමත් සමග එරට මූල්‍ය වෙළෙඳපොළෙහි දැඩි වෙනසක් සිදුව තිබුණි.

අමෙරිකානු මහ බැංකුව දිගින් දිගටම පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

ආසියානු මූල්‍ය වෙළෙඳපොළෙහි ඩොලරයට සාපේක්ෂව යුරෝ වේ වටිනාකමද වසර 20කට පසු අඩුම අගය වාර්තාකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

More articles

Latest article