31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Must read

තඹුත්තේගම දෙකෝටියේ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුරංග මහේෂ් සූරියආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව පැවසීය.

කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනාට යතුරුපැදිය ලබාදීම සම්බන්ධයෙන් මෙම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයෙක් ගෙනආ රුපියල් ලක්ෂ 223 ක මුදලක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පසුගිය 26 වනදා දහවල් උත්සාහ දරා තිබුණි.

එම කොල්ලය වළක්වනු ලැබුවේ, තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාය.

සිය ජීවිතය ද පරදුවට තබා සිය වගකිම් ඉටුකළ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා අනුරාධපුර එප්පාවල පදිංචිකරුවෙකි.

කොල්ලකෑම සඳහා පැමිණි එම ප්‍රදේශයේම පදිංචි 48 හා 50 හැවිරිදි වියේ පසුවූ සැකකරුවන් දෙදෙනෙකු තඹුත්තේගම පොලීසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතොරමක් හා මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (27) දහවල් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් ඔක්තෝබර් 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

More articles

Latest article