29 C
Colombo
බදාදා, මැයි 22, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මල්ලක් වෙළෙඳපොළ මිලට වඩා රු. 1,000ක් අඩු කර සතොසෙන්

Must read

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සතොස ඍජු දුරකථන අංක වන 1998ට ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව කී ඇමැතිවරයා ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බවද සඳහන් කළේය.

ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

More articles

Latest article