34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

මලල ක්‍රීඩා සියවස් සමරු මුද්දරය එළිදකියි

Must read

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු විය.

අන්තර්ජාතික කෙළිබිමේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ නිකුත් වූ 2538 වැනි සමරු මුද්දරය වූ මෙහි මලල ක්‍රීඩා ධාවන පථය පසුබිම් කොට ඇති අතර ඔලිම්පික් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දුන් ඩන්කන් වයිට්ගේ හා සුසන්තිකා ජයසිංහගේ ඡායාරූප යොදා ඇත. එමෙන්ම මලල ක්‍රීඩාවෙන් ලොව ජය ගත් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ රුව සහිත පුද්ගල කාරක මුද්දරයක්ද ඊයේ නිකුත් කළ අතර එය ඇමැතිවරයා විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර, ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, තැපැල්පති රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති අජිත් නාරගල, ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ලේකම් හේමා පින්නවල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ.

More articles

Latest article