26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇරඹෙයි

Must read

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික අර්බුද, විවිධ වෘත්තීය පසුබිම් ඔස්සේ විග්‍රහ කරමින්, ඒවාට අවශ්‍ය සමාජමය හා විද්‍යාත්මක තිරසර විසඳුම් ලබාදීම සඳහා සමගි ජන බලවේගයට පූර්වගාමී සහායක් සැලසීම ද තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ අරමුණ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

විවිධ වෘත්තීය ස්ථර නියෝජනය කරන යොවුන් සාමාජිකයින් රැසකගෙන් එම සංගමය සමන්විත වේ.

එහි පළමු හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන නොවැම්බර් පළමුදා සවස 5:30 ට කොළඹ, සිනමන් ලේක්සයිඩ් හි කිංග්ස් කෝර්ට් හි සිදුකෙරේ.

මෙහි ප්‍රධාන දේශනය විපක්ෂ නායකවරයා සිදුකිරීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා, සමාජ ඒකාබද්ධතා හා සාම ක්‍රියාකාරිනී ගත් කතුවර සාරා කබීර් සහ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන් එහි විවෘත සාකච්ඡා වටය සඳහා එක්වෙති.

More articles

Latest article