28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

අමෙරිකාවට ගොස් පැමිණි පසු දහතුන් වැනි සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරනවා – ආර්.සම්පන්දන්

Must read

දෙමළ ජාතික සන්ධානයේ තුන් දෙනකුගෙන් සමන්විත පිරිසක් අමෙරිකාවේ සංචාරය කර ආපසු පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතා කරණ සියලුම දේශපාලන පක්ෂ එක්කර තනි සංවිධානයක් පිහිටුවීමටත් ඉන්දියාව සමඟ සාකච්ඡා කර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා ඉකුත් 14 දා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා අමෙරිකාවට යන පිරිස ආපසු පැමිණි වහාම දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවන බවද කියා සිටියේය. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනකු අමෙරිකාව බලා මේ මස අවසානයේදී පිටත්ව යන්නේ දෙමළ වැසියන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කර ඊට විසඳුම් ලබා ගැනීම සඳහා බව සම්බන්ධන් මහතා කියා සිටී.

More articles

Latest article