29 C
Colombo
බදාදා, මැයි 22, 2024

සඳහිරු සෑය අද සසුනට පිදෙයි

Must read

තිස් වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භූමිය මුදා ගැනීමට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් සිහි කරමින් ඉදි වන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (18) සවස 4.30ට මහා සංඝරත්නයට පූජා කෙරේ.

කුරිරු යුද්ධයෙන් මාතෘ භුමිය නිදහස් කර ගැනීම සඳහා දිවි හිමියෙන් දායක වූ කැප වූ රණවිරුවන් විසිනව දහසක් සිහි කරවීමටත් දස දහස් ගණනක් තුවාල ලබා ආබාධිතව සිටින රණවිරුවන් මව්බිම වෙනුවෙන් සාමයෙන් සතුටින් සහයෝගයෙන් පිරි රටක් නිර්මාණය කිරීම සඳහා කළ කැපවීම සිහි කරවීමත් තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමත් සනිටුහන් කරමින් සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩනැංවීමට 2010 වර්ෂයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

පසුව මෙහි ඉදිකිරීම් කටයුතු එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙහෙයවීමෙන් ආරම්භ කරලීම සිදු විය. පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසැති මේ චෛත්‍ය, පොළොව මට්ටමේ සිට අඩි 45ක් පොළොවේ යට සිට ගොඩනංවා තිබේ. සඳහිරු සෑ රඳුන්ගේ සම්පූර්ණ විශ්කම්භය අඩි 255කි.

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සෙසු නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දරමින් මේ චෛත්‍ය ඉදිකිරීමේ කටයුතු සිදු කරන ලදි. ඒ අනුව අනිද්දා (18) සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කර ගැනීම සඳහා මහා සංඝරත්නයට භාර දෙනු ලැබේ.

More articles

Latest article