25.4 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

ආසියානු රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල ඩුබායි යයි 

Must read

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි හා අවසන් අදියරේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊයේ රාත්‍රී ඩුබායි නුවර බලා පිටත්ව ගියේය. ආසියානු රග්බි සංගමය මගින් ශ්‍රී ලංකා රග්බි පරිපාලනයට පනවා ඇති තහනම හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර කටයුතු කරයි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල සහභාගි නොවේ.

පසුගියදා නිමාවට පත් වූ දකුණු කොරියානු තරගාවලියේදී සිව්වැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේදී කුසලාන වටයේ අවසන් මහා තරගයට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදු කරමින් ඩී.එස්.සේනානායක විදුහල් පිලේ නායක දිනූප අනුපම සහ ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සුදාරක දික්කුඹුර කණ්ඩායමට ඇතුළත් වෙති. ඒ අනුව රමේෂ් ප්‍රනාන්දුට සහ රිචඩ් ධර්මපාලට කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇත.

ඩුබායි සංචාරය සඳහා රග්බි ආයතනයට නිපෝන් පේන්ට් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ලැබී තිබේ.

නිල්ෆර් ඉබ්‍රාහිම් මහතාගේ පුහුණුකාරීත්වයෙන් සහ කොමදෝරු පී.ඒ.එස්.කේ. පිටිගල මහතාගේ කළමනාකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමඟ ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් ගාමිණී ජයසිංහ මහතා ද ඩුබායි සංචාරයට එක් වී සිටී.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙසේය – ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), චතුර සෙනෙවිරත්න, අදීෂ වීරතුංග, ආකාශ් මධුසංඛ, අංජුල හෙට්ටිආරච්චි, තරින්ද රත්වත්ත, දර්ශන දාබරේ, මිතුන් හපුගොඩ, කවිඳු පෙරේරා, නයිජල් රත්වත්ත, සුදාරක දික්කුඹුර, දිනූප අනුපම.

අතිරේක ක්‍රීඩකයෝ – රිචඩ් ධර්මපාල, ශෂික ප්‍රනාන්දු, රමේෂ් ප්‍රනාන්දු.

More articles

Latest article