30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ආසියා සත් සාමාජික රග්බි ශ්‍රී ලංකාව හත්වැනි තැනට

Must read

ආසියා සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර ලෙස ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී නිමාවට පත් වූ තරගාවලියේදී 7 වැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. 7 වැනි ස්ථානය සඳහා මැලේසියාව සමඟ තරග වැදුණු ශ්‍රී ලංකා පිල ලකුණු 26-12ක ජයක් වාර්තා කළේය.

පසුගියදා දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේ තරගාවලියේදී කුසලාන වටයට පිවිස සිවුවැනි ස්ථානය අත්කර ගත් ශ්‍රීනාත් සුරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේදී පළඟ ශූරතා වටයෙනුත් ඉවතට විසි වීම විමතියට කරුණකි.

‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල මූලික වටයේ පළමු තරගයේදී ලකුණු 31-14කින් චීනය හමුවේ පරාජයට පත් වූ අතර, දෙවැනි තරගයේදී මැලේසියාව හමුවේ ලකුණු 26-19කින් පරාජයට පත් විය. හොංකොං පිල සමඟ පැවති තරගයෙන් ලකුණු 33-17ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් පූර්ව වටයේදී දකුණු කොරියාව හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 26-19කිනි.

More articles

Latest article