27 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

ටුනීෂා ෂර්මාගේ මරණයට හේතුව පෙම්වතා බව හෙළිවෙයි

Must read

රූගත කිරීම් අතරතුර සිය දිවි නසාගත් ඉන්දියාවේ ප්‍රකට ටෙලිනාට්‍ය නිලියක වූ ටුනීෂා ෂර්මාගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ ඇගේ හිටපු පෙම්වතා බව කියන ෂීසාන් මොහොමඩ් ඛාන්ට උපරිම දඬුවම් දෙන ලෙස ටුනීෂාගේ මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අතරතුර ලද විවේකයේ නානකාමරයට ගිය ඇය එහිදී ගෙල වැලලාගෙන දිවි හානි කරගත් අතර, එම ටෙලි නාට්‍යයේ ඇය සමඟ රඟපෑ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකු වන ෂීසාන් මොහොමඩ් ඛාන් අත්අංඩංගුවට ගෙන තිබුණේ සිය දිවි හානි කරගැනීමට ඇයට අනුබල දීමේ වරදටය.

ටුනීෂාගේ මව වන අනීතා පෙරේදා පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තම 20 හැවිරිදි දියණිය ෂිසාන් සමඟ පෙමින් බැඳී සිටි බවය. දියණිය විවාහ කරගන්නා බවට පොරොන්දු වී සිටි ෂීසාන් ඒ අතරතුර තවත් තරුණියකට පෙම් කළ බවත්, එම හේතුවෙන් දියණිය දැඩි වේදනාවකින් පසු වූ බවත් ඇගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබේ.

More articles

Latest article