25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ස්වීඩනයේ පළමු අගමැතිනියගේ ධූර කාලය පැයකට සීමා වෙයි

Must read

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන් සිය රාජකාරී අරඹා පැයකට පමණ පසු තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

සුළුතර සභාග රජයකට නායකත්වය දීමට සිදුවීමේ කටුක යථාර්ථය හමුවේ මෙම තීරණය ගත් බවයි ඇය පවසයි

ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය ඉදිරිපත් කළ අය වැය පරාජය වීම ද මෙම තීරණයට හේතු වී ඇත

ඇයගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව පැවසෙනවා

කෙසේ වෙතත් ඉදිරියේදී තමන් තනි පක්ෂයක් මගින් ඉදිරිපත් වී අග්‍රමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මැග්ඩලීනා ඇන්ඩර්සන් පවසයි

More articles

Latest article