32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

සියම් නිකායේ 270 වැනි සැමරුමට බුරුම-ලාඕස්-තායි හිමිවරු 70ක් මෙරටට

Must read

ශ්‍රී ලංකාවට බුරුම දේශයෙන් (මියන්මාරය) උපසම්පදාව රැගෙනවිත් සහ ශ්‍රී ලංකාවේ සියම් මහා නිකාය ආරම්භ කර වසර 270ක් සපිරීම නිමිත්තෙන් තායිලන්තය, ලාඕසය සහ මියන්මාරයෙන් භික්ෂුන් වහන්සේලා හැත්තෑ නමක් පාද යාත්‍රාවක් සඳහා ඊයේ (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

මෙම භික්ෂූන් වහන්සේලා පිරිස ගම්පහ, කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, මහනුවර සහ ශ්‍රී පාදස්ථානය ආවරණය වන පරිදි පුරා මාසයක කාලයක් පාද යාත්‍රාවක නිරත වීමට නියමිතය .එහිදී එම භික්ෂූන් වහන්සේලාට මුණ ගැසෙන ගම් නියම්ගම්වල වාසය කරන ගම්වැසියන්ට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කිරීමට ද නියමිතය.

මෙම භික්ෂූන් වහන්සේලා පිරිස ඊයේ (11) උදෑසන 10.40ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ .මේ පිරිස පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ලොබි ශාලාවේ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් සංවිධානය කර තිබුණි.

More articles

Latest article