32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි ගෝනාපීනුවල සාරාලංකාර අර්ධ අවසන් පූර්ව තරගය අද

Must read

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ටියර් බී ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (13) ගොඩිගමුව එම්.බී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී දුෂාන් සිල්වාගේ නායකත්වයෙන් යුත් ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සමඟින් අවිෂ්ක උදයංගගේ නායකත්වයෙන් යුත් ගෝනාපීනුවල සාරාලංකාර මහ විද්‍යාලය තරග වදියි.

ලලිත් ඇතුළත්මුදලි විදුහල පස්වැනි වටයේදී රාගම බැසිලිකා විදුහල පරදවමින් මේ තරගයට එක් වූ අතර, බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල් පිල පරදවමින් සාරාලංකාර මහ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට එක් විය.

ලලිත් ඇතුළත්මුදලි විදුහල් සංචිතය – දුෂාන් සිල්වා (නායක), යොවෙල් අරෝෂ, දනුප සංජය, චේනුක හෂ්මිත, යලින රවිඳු, රවිඳු කුමාර, යසරු ප්‍රනාන්දු, චලක පෙරේරා, සිතුම් සිල්වා, බිහඳු පෙරේරා, නිර්වාන් තිසේරා, අවිෂ්ක කුමාර, අනුහස් සිල්වා, ජනිත් ප්‍රියශාන්, හෂේන් කුමාර, මෙත්සිළු ද කොස්තා, තාරක සත්‍යජිත්, ජී.ඩබ්.ඒ. විජේකුමාර (කණ්ඩායම් භාර ආචාර්ය), කේ. අයි.එස්. ප්‍රනාන්දු, (ප්‍රධාන පුහුණුකරු), රමිතු දිෂේන් (සහාය පුහුණුකරු).

සාරාලංකාර මහා විදුහල් සංචිතය – අවිෂ්ක උදයංග (නායක), රුමේෂ් සාරංග, සචින්ත හේෂාන්, යසිරු අභිෂේක්, තිවිෂ රමිඳු, නෙතුම් සංකේත්, තරුන් මිහරංග, නිරංග කුමාර, සනුග බෝසධ, සවිඳු මෙනුවර, නෙත්ම හිමසර, චමෝද් පුන්සර, ප්‍රමෝද් විමුදිත, රශ්මි රසාංජන, දිනුක කෞශාන්, චමිඳු කවිෂ්ක, මල්ෂ මිහිරාන්, පින්සර සංකල්ප, සඳරු දිලිප, ප්‍රභාත් විතාරණ (කණ්ඩායම් භාර ආචාර්ය), රනිල් චමින්ද (ප්‍රධාන පුහුණුකරු), ලසිත් ලක්ෂාන් (සහාය පුහුණුකරු).

More articles

Latest article