26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

මැතිවරණ වියදම් පනත ව්‍යවස්ථානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

Must read

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. ඒ අනුව මේ පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයිද කථානායකවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ‘මැතිවරණ වියදම් නියාමනය කිරීමේ’ නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම් දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරන බවද කථානායකවරයා පැවසීය.

More articles

Latest article