25 C
Colombo
බදාදා, ඔක්තෝබර් 4, 2023

ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය

Must read

කෘතහස්ත සිනමාවේදනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“සුමිත්‍ර පීරිස් මහත්මිය වියෝව පිළිබඳව රජය වෙනුවෙන් එතුමියට අප ශෝකය පළ කරනවා. ලෙස්ටර් ජේමිස් පීරිස් විශිෂ්ටතම සිනමාවේදියාගේ බිරිඳ වගේම සුමිත්‍රා පීරිස් මහත්මියගේ ස්වාධීන නිර්මාණ රාශියකට ජාත්‍යන්තර ගෞරවය ලබා තිබෙනවා. රටට ගෞරවය ලබා දී තිබෙනවා.” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළහ.

More articles

Latest article