32 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

බස් රථ ගිනි තැබූ සමාජවාදී විප්ලවවාදීන් නිසා බස් බෙදීම තවකාලිකව නැවැත්තුවා – විපක්ෂ නායක

Must read

බස් රථ ගිනි තැබූ සමාජවාදී විප්ලවකාරයන් තමන් බස් රථ බෙදන බවට පැමිණිලි කර ඇති නිසා පාසල්වලට බස් රථ ප්‍රදානය කිරීම තාවකාලිකව නවතා දමන්නට සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

මොරවැව පැවැති ජනහමුවකට එක් වෙමින් මේ ඒ මහතා මේ බව පැවසුවේය.

රුපියල් මිලියන 344ක් වටිනා බස් රථ 70ක් රජයේ පාසල්වලට තමන් මේ වන විට පරිත්‍යාග කර තිබෙන බව කී විපක්ෂ නායකවරයා, සමාජවාදී විප්ලවකාරීන්ට මේ වැඩපිළිවෙළ බලා සිටීමට නොහැකි වී ඇතැයි ද කීවේය.

තම පියා විපක්ෂයේ සිටි කාලයේ සිදු කළාට වඩා වැඩි වැඩ කොටසක් තමන් සිදු කරන බවත් කී ඒ මහතා, මේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ බස් ගිනි තියපු පිරිස බවද කීවේය.

More articles

Latest article