33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

නිපුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද එංගලන්ත ලයන්ස් පිල සමඟ සටනට

Must read

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජය කටයුතු කරන අතර, මේ තරගාවලිය සඳහා 22 දෙදෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

මේ තරගයට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්දින පුහුණු තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමත් විය.

එහිදී නිශාන් මධුෂ්ක (150) සහ ලසිත් කෘෘස්පුල්ලේ (116) ශතක වාර්තා කළ අතර, ළහිරු උදාර (93) සහ පසිඳු සූරියබණ්ඩාර (52) අර්ධ ශතක රැස් කළහ. පන්දු යැවීමේදී ජනිත් ලියනගේ, කවිඳු පතිරත්න, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති සහ සහන් ආරච්චිගේ දස්කම් දැක්වීමට සමත් වූ අතර, මේ ක්‍රීඩකයන් අතුරින් නිශාන්, ලසිත්, ළහිරු, ජනිත් සහ ඉසිත අද ආරම්භ වන සිව්දින තරගාවලියේ සංචිතයටත් එක්ව සිටිති.

මේ තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ලයන්ස් පිල වෙනුවෙන් නම් කර ඇති අතර, ඊට ටෙස්ට් වරම් ලබා සිටින ක්‍රීඩකයන් ලෙස ඇලෙක්ස් ලීස්, හමීඩ් හසීබ් සහ මැට් ෆිෂර් ඇතුළත්ව සිටිති. ලීස් පුහුණු තරගයේදී ශතකයක් රැස් කිරීමට ද සමත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය: නිපුන් ධනංජය (නායක), කමිඳු මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඕෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

එංගලන්ත ලයන්ස් සංචිතය: ටොම් ඇබෙල්, ජොෂ් බොහනන්, ජැක් කාර්සන්, සෑම් කුක්, මැට් ෆිෂර්, නේතන් ගිල්ක්‍රිස්ට්, ටොම් හේන්ස්, හසීබ් හමීඩ්, ටොම් හාර්ට්ලි, ජැක් හේන්ස්, ලින්ඩන් ජේම්ස්, ඇලෙක්ස් ලීස්, ලියම් පැටර්සන්-වයිට්, ඔලී රොබින්සන්, ජේමි ස්මිත්, ජොෂ් ටංග්.

More articles

Latest article