33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකාවට ස්ථිරසාර ආර්ථිකයක් ඉක්මනින් ළඟා වෙනවා – අමෙරිකානු තානාපතිනි

Must read

ජාත්‍යන්තර ණය හිමියන්ගේ සුබවාදී තීරණ හමුවේ ශ්‍රී ලංකාව වඩාත් ස්ථිරසාර ආර්ථිකයක් ඉතා ඉක්මනින් ළඟා කරගනු ඇතැයි අමෙරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මිය විශ්වාසය පළ කළාය.

ඒ සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම අමෙරිකානු රජය තවදුරටත් ලබා දෙන බව ද තානාපතිනිය කීවාය.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමඟ ඊයේ (31) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව කීවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිනිය ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අපහසු ප්‍රතිසංස්කරණයන් ගෙන ඇතැයි සඳහන් කළාය.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අමෙරිකානු රජය සිය උපරිම සහයෝගය ලබා දෙන බවට තානාපතිනිය කැමැත්ත පළ කළ බවය.

More articles

Latest article