33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

CR හමුවේ හැව්ලොක් පරදී

Must read

අන්තර් සමාජ නිපෝන් පේන්ට් කුසලාන පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ පළමු තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 17-14ක ජයක් වාර්තා කිරීමට සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අනුව දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන කමාන්ඩර් ඉයුස්ටස් මතීස් කුසලානය ද අත්කර ගැනීමට සීආර් ක්‍රීඩකයෝ සමත් වූහ. සීආර් පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 10-8කින් පෙරමුණ ගත් සීආර් පිල තරගය පුරා ගෝල් 2ක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර, හැව්ලොක් පිලට රැස් කිරීමට හැකි වූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් පමණි.

මහනුවරට ජය

මේ අතර සිය අපරාජිතභාවය තවදුරටත් රැකගත් මහනුවර ක්‍රීඩා සමාජය කුසලාන වටයේ සිය පළමු තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 37-28කින් පරාජයට පත් කළේය. වැලිසර නාවික හමුදා පිටියේ පැවැති මේ තරගයේදී මහනුවර පිල ගෝල 3ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර, නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල 4ක් ඇතුළත් විය. තරගයේ පළමු භාගය නිමා වන විට මහනුවර පිල ලකුණු 18-7කින් පෙරමුණ ගත්තේය.

More articles

Latest article