27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

පොහොර බෙදන්නේ හමුදාපති නම් ඇමැතිවරුන් මොකට ද? – සජිත් ප්‍රේමදාස

Must read

පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙන්නේ නම් රටට කෘෂිකර්ම ඇමැතිවරයකු හෝ පොහොර ඇමැතිවරයකු කුමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා, පොහොර ඇමැතිවරයා සහ සියලු නිලධාරීන් මේ වන විට අසාර්ථක වී ඇති බව එමඟින් සංඥා වන බවද විපක්ෂ නායකවරයා කීවේ බුන්දලදී පැවති වැඩසටහනකට එක් වෙමිනි.

පොහොර බෙදා ගන්නට බැරි ආණ්ඩුව එය හමුදාපතිවරයාට භාර දෙන නමුත් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඇමැතිවරු නඩත්තු වීම මොන තරම් අපරාධයක් දැයිද හෙතෙම කීය.

කෘෂිකර්මාන්තය අරබයා ආණ්ඩුව විසින් ගනු ලබන මේ අදූරදර්ශි අන්තනෝමතික ක්‍රියාමාර්ග හේතුකොටගෙන ඉතා ඉක්මනින් රටට සාගතයක් උදා වීම වළක්වන්නට නොහැකි වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

More articles

Latest article