27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

ඉෂාලිනීගේ මරණයට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා නිහඬ විරෝධතාවක්

Must read

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මරණයට පත් වු බාල වයස්කාර ඉෂාලිනීගේ මරණයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේදී නිහඬ විරෝධතාවක් පවත්වන ලදි.

පසුගිය 10 වැනි දිනට යෙදී තිබු අන්තර්ජාතික මානව හිමිකම් දිනය නිමිති කරගෙන ප්‍රොටෙක්ට් සංගමය මේ නිහඬ විරෝධතාව සංවිධාන කර තිබිණි. මේ විරෝධතාවට එම වතුයායේ කාන්තාවන් පිරිසක් තම කුඩා දරුවන් ද සමඟ එක් සිටියහ.

මෙහිදී අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මෙසේ කීය.

“රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මිය ගිය බාල වයස්කාර ඉෂාලිනී දැරියගේ මරණය පිළිබඳව සිදු කරන පරීක්ෂණ කඩිනම් කර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට පියවර ගත යුතුයි.

මානව හිමිකම් වෙනුවෙන් දිනයක් වෙන්ව තිබුණත් මෙරට ජීවත් වන අපට මානව හිමිකම් තිබේ ද යන්න ප්‍රශ්නයක්. දැනට මාස හතරක් පමණ ගතව ඇති ඉෂාලිනී දැරියගේ මරණය පිළිබඳව යුක්තිය ඉටු කිරීමට තවමත් හැකිවී නෑ. ඉෂාලිනී දැරියගේ මරණය පිළිබඳව යුක්තිය නිසි ලෙස ඉටු කළ යුතුයි. එම මරණයට යුක්තිය ඉටු වන තෙක් අපේ සංගමය මෙන්ම රටම බලා සිටිනවා.”

මේ විරෝධතාව අතරතුර වතු කම්කරු කාන්තාවන්ට සිදු වන විවිධ හිරිහැර පිළිබඳව වතු කම්කරුවන් දැනුම්වත් කිරීමට වීදි නාට්‍යයක් රඟ දැක්වීමට ද ප්‍රොටෙක්ට් සංගමයෙන් පියවර ගෙන තිබිණි.

More articles

Latest article