27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

සත්වෝද්‍යානයේ අලුත උපන් සතුන්ට නම් තැබීමට අවස්ථාවක්

Must read

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට මෙවර සති අන්තවල වැඩිපුර පැමිණෙන ළමුන් සදහා නත්තල වෙනුවෙන් නත්තල් සීයා මගින් රසකැවිලි හා තෑගි ලබාදීමත් , කෝවිඩ් සමය තුල උපත ලද ඔරෙක්ස් ගවපැටියා , සිලූබූරු පැටියා , හිපෝ පැටියා , බූරු පැටියා යන පැටවුන් සදහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමට ද සැලසුම් සකස් කරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය .

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිරසාර සංවර්ධන වැඩ සටහනට අනුව රුපියල් මිලියන 67 ක රජයේ ප්‍රතිපාදන යොදවා මීට වසර දෙකකට පෙර වැඩ ආරම්භ කර මේ වනවිට වැඩ අවසන් කර ඇති හිපෝ අරණ සදහා හිපෝ සතුන් මුදා හැරීම සදහා පසුගිය 09 වන දින පැවති මාධ්‍යය හමුවේ අදහස් පලකරමින් එසේ පැවසීය .

විදේශ සංචාරක අඩුවක් දක්නට ලැබෙන බවත් , ඒ නිසා මේ උත්සව සමයේ රටේ පවතින කෝවිඩ් නීතිරීති වලට අනුගත වෙමින් පැමිණ සතුන් නරඹන අතර තෑගිබද දිනා ගන්නා ලෙසටත් ඇරයුම් කරනු ලැබ ඇත .

සතුන්ගේ සුභ සාධන වැඩි කරමින් කූඩුවලින් බැහැරව ගතකලහැකි ඉඩකඩ සහිත සත්ව අරණවල් නිර්මාණය කර ඒ තුල සතුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසීමත් සිදු කරනු ලබන බවත් , ඒ අනුව මේ වනවිටත් සිංහයන් සදහා සිංහ අරණත් , වදුරන් සදහා වදුරු දූපතක්ද ඇති කිරීමට කටයුතූ කර තිබන බවත් අධ්‍යක්ෂ වරිය පැවසීය .

More articles

Latest article