25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

‘සියක් නගර’ වැඩසටහනින් සංවර්ධන ව්‍යාපෘති 30ක් මේ වසරේ ජනතා අයිතියට

Must read

සියක් නගර වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති 30ක් මේ වසර අවසාන විමට පෙර ජනතාවට විවෘත කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඉංජිනේරු එන්. පී. කේ. රණවිර මහතා ප්‍රකාශ කළේය.

නගර සියයක් සංවර්ධනය කිරීමේ අදහසින් සියක් නගර ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කළත් මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ නගර 117ක සංවර්ධන කටයුතු සිදු වෙමින් ඇති බවද ඒ පැවසීය.

සියක් නගර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන තවත් නගර 50ක සංවර්ධන කටයුතු ජනවාරි මස අවසානයේදීත්, ඉතිරි සංවර්ධන ව්‍යාපෘති පෙබරවාරි මාසයේදිත් අවසාන කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහජනතාව සඳහා වන පහසුකම් විධිමත්ව සංවර්ධනය කර සිත් ගන්නා සුළු ස්ථානයක් බවට නගරය පත්කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර ඇත. මේ යටතේ නගර 117ක සංවර්ධන ව්‍යාපෘති අරඹා ඇත.

More articles

Latest article