25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

උතුරේ දෙමළ වැසියන්ගේ ඉඩම් බලෙන් ගැනීම රජය නවත්වන්නේ නෑ – එම්.ඒ. සුමන්තිරන්

Must read

වනජීවී දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන උතුරු පළාතේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කෙතරම් විරෝධය පළ කළත් රජය එම කටයුත්ත දිගින් දිගටම සිදු කරගෙන යන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව උතුරේ අධිකරණ කිහිපයකම නඩු ගොනු කොට ඇති බවයි. එහිදී හෙතෙම මෙසේද කීය‍.

“රජයේ උවමනාවට වනජීවී දෙපාර්තමේන්තුව සීමා මායිම් වෙනස් කොට උතුරේ දෙමළ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නවා. මේ ගැන පාර්ලිමේන්තුවේදී අප හඬක් නැගුවා. චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට කිව්වා. නමුත් මේ තත්ත්වය තවමත් අවසන් වී නෑ. වනජීවී දෙපාර්තමේන්තුව මේ සතියේදී යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ ඉඩම් අක්කර 196ක් අත්පත් කරගෙන තිබෙනවා. මේ ඉඩම් සියල්ලම ජනතාවට අයිති ඉඩම් බව ඔවුන් දන්නවා. වනජීවී දෙපාර්තමේන්තුවට රක්ෂිත වනයන් සම්බන්ධයෙන් ගැසට් නිකුත් කොට ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදීයි. නමුත් ඔවුන් මේ අවස්ථාවේදී ඔවුන්ට ඕනෑ ආකාරයට මායිම් වෙනස් කරනවා. අප මේ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට උත්සාහ කරනවා.”

More articles

Latest article