27.8 C
Colombo
අඟහරුවාදා, සැප්තැම්බර් 26, 2023

කොරෝනා පාලනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදෙස් රටවලින් ආධාර ඉල්ලයි

Must read

මෙරට තුළ කොවිඩ් අවධානම උග්‍ර වීම හේතුවෙන් ජංගම රෝහල් ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තමා විදෙස් රටවල් සමග සාකච්ඡා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදීය.

රට මුහුණ දී තිබෙන දැවැන්ත සෞඛ්‍ය අර්බුදය තුළ විදෙස් තානාපතිවරු හමුවු අවස්ථාවේ දී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ බව ද ඒ මහතා පැවසීය.

“විදේශ තානාපති කාර්යාලවලට දුරකථන ඇමතුම් ලබාදීලා එම තානාපතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරා, අපේ රටට අත්‍යාවශ්‍යව තිබෙන එන්නත් ප්‍රමාණය ලබාදෙන්න උපරිම දායකත්වය ලබා දෙන්න කියලා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකරන්න ඕනේ. එය කිරීම උදෙසා අපට අවශ්‍ය PCR යන්ත්‍ර අපේ රටට ලබාදෙන්න කියන යෝජනාවත් අපි ඉදිරිපත් කළා. මේ සීඝ්‍ර ව්‍යාප්තිය තුළ අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා ජංගම රෝහල්. විශේෂයෙන්ම අමෙරිකාව, ඔස්ට්‍රේලියාව හා ඒ වගේම බ්‍රිතාන්‍යයෙන් මම ඉල්ලීමක් කරනවා එවැනි හෝස්පිටල් ගණනාවක් අපේ රට ට ලබාදෙන්න කියලා. අපි ඒ ඉල්ලීම කරලා ඉවරයි. කොරෝනා තුළින් දේශාපාලන වාසි ලබා ගැනීමටවත් කොරෝනාව දේශපාලන ආයුධයක් කර ගැනීමටවත් අපි සුදානම් නෑ.“

More articles

Latest article