31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

සමගි වනිතා බලවේගය හරහා කාන්තාවන්ට සනීපාරක්ෂක කට්ටල නොමිලේ ලබාදීමේ වැඩසටහනක්

Must read

”ආර්තව දරිද්‍රතාවයට තිත තබමු” මැයෙන් ජාත්‍යාන්තර කාන්තා දිනයට සමගාමීව සමගි වනිතා බලවේගය සංවිධාන කළ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (9) පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ සමගි වනිතා බලවේගය හරහා කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක කට්ටල නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

“ආර්තව දරිද්‍රතාවය කියන මාතෘකාව ජන සමාජයේ සාකච්ඡාවට භාජනය නොවුණු මාතෘකාවක්. එදා ජනාධිපතිවරණයේදී අපි පොරොන්දුවක් දුන්නා. මුළු රටේම මෙම මෙවලම්, ආම්පන්න නොමිලේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා ආර්තව දරිද්‍රතාවයට ශක්තිමත් ප්‍රායෝගික විසඳුමක් ලබාදිය යුතුයි. එදා අපිට විරුද්ධ වූ අය අපි කිව්ව දේවල් අඩුම තරමින් වාචිකව හරි අද පිළිඅරන් තියෙනවා. තාමත් ඒ අයට ශක්තියක් ලැබිලා නෑ මේක ක්‍රියාත්මක කරන්න. නමුත් සමගි වනිතා බලවේගය හරහා අනාගතයේදී සනීපාරක්ෂක කට්ටල අපේ රටේ පාසල් දැරියන්ට, කාන්තාවන්ට නොමිලේ ලබාදීලා ජාතික වැඩසටහනක් බවට පත්කිරීම අපි භාර ගන්නවා.”

More articles

Latest article