31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

පරීක්ෂණ අවසන් වන තෙක් රිෂාඩ් පාර්ලිමේන්තුවට ගේන්න එපා – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

Must read

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින හෙයින් එම පරීක්ෂණ අවසන් වන තෙක් පාර්ලිමේන්තුවට නොකැඳවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලීමක් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින කිසිදු මන්ත්‍රීවරයකු අදාල විමර්ශන අවසන් වන තුරු පාර්ලිමේන්තුවට නොකැඳවිය යුතු බව ද වීරසේකර මහතා කීය.

වීරසේකර මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නයි ඉල්ලීමක් කළ අවස්ථාවේදී ය .

More articles

Latest article